2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සහ සමූපාකාර සමිති සම්බන්ධ කර ගැනීමට රජය තීරණය කර ඇත .  ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර් යාලය සමඟ ගිවිසුම් ගතව ප්‍රාදේශීය ලේකම් කාර් යාල මට්ටමින් අධීක්ෂණය සිදු කර මෙම ක්‍රියාවලිය සිදු කිරීමට අදහස් වී ඇත . වැඩි විස්තර සඳහා 0252264587 දුරකථන අංකයට ඇමතුමක් දී අප කාර්යාලයේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීගෙන් තොරතුරු ලබා ගත හැක .  

ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම

නව රජය මගින් සියළු පුරවැසියන්ට පහසුවෙන් ජනාධිපති අරමුදල මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම , දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩසටහන් , අධ්‍යාපන ආධාර වැඩසටහන් , ආගමික ආධාරක වැඩසටහන් , සම්මාන හා ප්‍රදාන සහ පූර්ව නිශ්චිත කාණ්ඩවලින් පිටත හදිසි අවශ්‍යතා සඳහා උපකාර  ප්‍රාදේශීය ලේකම් කාර් යාල මට්ටමින් ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇත . එහිදී ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර් යක්ෂම කඩිනම් සේවාවක් ලබා දීම සිදු කරයි . මේ සම්බන්ධයෙන් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර් යාලයෙන් හෝ පහත දක්වා ඇති සඹෑඳිය වෙත පිවිස අයදුම්පත් හා විස්තර ලබා ගත හැක.  සැත්කමක් සිදු කිරීමට ප්‍රථම නම් දින 14 ක් ඇතුලත හෝ පිළිකා ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර කිරීමට දින 30කට පෙර ද , සැත්කම / ප්‍රතිකාර ලබා ගැනීම සිදුකර දින 60 ක් ඉක්මයෑමට පෙර ද අදාල මූල්‍යාධාරය ලබා ගැනීමට , නිවැරදිව සම්පූර් ණ කළ අයදුම්පත ඔබට අදාල ප්‍රාදේශීය ලේකම් කාර් යාලය වෙත ගෙනවිත් භාර දිය යුතුය.

ජනාධිපති අරමුදලේ සඹෑඳිය : https://www.presidentsfund.gov.lk/si/si-downloads/

2026 ජනවාරි 01 දින සිට බස්නාහිර පළාත් සභාව තුළ ලියාපදිංචි වාහන හැර අනෙකුත් සියලුම වාහන වල ආදායම් බලපත්‍ර සියලුම ප්‍රාදේශීය ලේකම් කාර් යාල මගින් මේ වන විට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත . 

News & Events

17
අගෝ2026

2026 යල කන්නය සඳහා වී මිලදී ගැනීම

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා...

10
මැයි2023

ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම නව...

Scroll To Top