ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම
නව රජය මගින් සියළු පුරවැසියන්ට පහසුවෙන් ජනාධිපති අරමුදල මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම , දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩසටහන් , අධ්‍යාපන ආධාර වැඩසටහන් , ආගමික ආධාරක වැඩසටහන් , සම්මාන හා ප්‍රදාන සහ පූර්ව නිශ්චිත කාණ්ඩවලින් පිටත හදිසි අවශ්‍යතා සඳහා උපකාර ප්‍රාදේශීය ලේකම් කාර් යාල මට්ටමින් ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇත . එහිදී ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර් යක්ෂම කඩිනම් සේවාවක් ලබා දීම සිදු කරයි . මේ සම්බන්ධයෙන් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර් යාලයෙන් හෝ පහත දක්වා ඇති සඹෑඳිය වෙත පිවිස අයදුම්පත් හා විස්තර ලබා ගත හැක. සැත්කමක් සිදු කිරීමට ප්‍රථම නම් දින 14 ක් ඇතුලත හෝ පිළිකා ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර කිරීමට දින 30කට පෙර ද , සැත්කම / ප්‍රතිකාර ලබා ගැනීම සිදුකර දින 60 ක් ඉක්මයෑමට පෙර ද අදාල මූල්‍යාධාරය ලබා ගැනීමට , නිවැරදිව සම්පූර් ණ කළ අයදුම්පත ඔබට අදාල ප්‍රාදේශීය ලේකම් කාර් යාලය වෙත ගෙනවිත් භාර දිය යුතුය.
ජනාධිපති අරමුදලේ සඹෑඳිය : https://www.presidentsfund.gov.lk/si/si-downloads/














